එළවළු බීජ මිල අහස උසට යයි

එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල  ඉහළ දැමීම් නිසා  එළවළු වගාවෙන් ඉවත් වීමේ අවදානමක පවතින බව බීජ අලෙවි කරන්නෝ සහ ගොවි සංවිධාන චෝදනා කරති.

දිවයිනේ එළවළු බීජ සහ පලතුරු බීජ වැඩි වශයෙන් අලෙවි වෙන දඹුල්ල නගරයේ බීජ අලෙවිසොල් හිමිකරුවන් කියා සිටියේ පසුගිය වසරට වඩා මේ වන විට සෑම බීජයක්ම කිලෝවක් සීයට 1500 ටත් වඩා ඉහළ අගයකින් අලෙවි කරන බව ය.

බීජ වලට අමතරව අනෙකුත් පලිබෝධනාශක ෙ වර්ගය ද සියයට 1500 ටත් වඩා වැඩි මිලකට ඉහළ දමා ඇති බව ද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

ඒ අනුව දඹුල්ල වෙළඳපල තුළ අද උදෑසන වන විට එළවළු වර්ග කිහිපයක බීජ කිලෝවක  මිල ගණන් සටහන් වූයේ මේ අයුරිණි.

බෝංචි රුපියල් 3680, දඹළ රු 1200, මෑ කරල් රුපියල් 17600, කැරට් රුපියල් ලක්ෂ 05 යි, ලීක්ස් රුපියල් ලක්ෂ 05 යි, නෝකෝල් රුපියල් 90000, රාබු රුපියල් 1400000, වම්බටු රුපියල් 20000, තක්කාලි රුපියල් ලක්ෂ 14, වැටකොළු රුපියල් 48550, වට්ටක්කා රුපියල් එක්ලක්ෂ 23000 යි ගෝවා රු ලක්ෂ හතරයි පිපිඤ්ඤා රු එක්ලක්ෂ අසුතාරදහසයි මාළුමිරිස් රු 43500 කරවිල, රුපියල් එක්ලක්ෂ 69000යි, මිරිස් රුපියල් ලක්ෂ හතරයි, කැකිරි රුපියල් 31500, බිට් රුපියල් 93500, පතෝල රුපියල් 10000, බණ්ඩක්කා රුපියල් 36000 සහ ගස් ලැබූ රුපියල් ලක්ෂ විස්සයි

මෙම බීජ මිල පාලනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතන කීපයක් බව වෙළෙන්දන් මෙන්ම ගොවීහු පෙන්වාදෙති .

Leave a Reply

Your email address will not be published.