ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩිතැබීමක්

ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ “මන්න කන්නා“ නමින් හඳුන්වන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුන්න තුවක්කුකරුවෙකු අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරුගේ අතට සහ හිසට වෙඩිවැදී ඇති බවද පොලීසිය පැවසීය.

වෙඩිවැදුණු පුද්ගලයා පාතාල කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ පියාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.