රටවල් කිහිපයක සංචාරක වීසා මත රැකියා සඳහා යෑම තහනම් කෙරෙයි

මෙරට කාන්තාවන් ඕමානයේදී ගණිකාවන් ලෙස අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු ඕමාන් සහ ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබේ.

අද (19) පාර්ලිමේන්තුවේදී විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසුවේ අදාළ වැරදිකරුවන්ට තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ජගත් පුෂ්පකුමාර මහතා,

” මේ සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම් බලන්නේ නැහැ.. අවශ්‍ය පියවර ගන්නවා. මේ වනවිට සංචාරක වීසාවලින් යන එක නතර කරන්න අපි තීන්දු කළා.” 

“මෙතන පොරවල් වෙන්න කතා කරන්න පුළුවන්. ටිකට් එකක් අරන් විසිට් වීසා අරගෙන පිටරට ගිහිල්ලා.. අපේ කිසිම වගකීමක් නැහැ. අත්තනෝමතික විදිහටයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කෙසේවෙතත් අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.”

ඕමානය තුළ සිදුවන මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් දර්ශන සහිතව අද පස්වරු 6.55 අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ අනාවරණ කිරීමට සූදා

Leave a Reply

Your email address will not be published.