ඩුබායි සහ ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි බාලක්‍රිෂ්ණන් කුගනේෂ්වරන් නැමැති පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවන් රැගෙන ගොස් ඔවුන් බලහත්කාරයෙන් වෙනත් රැකියාවල යෙදවු බවට මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය ආරම්භ කර තිබුණි.
මෙම පුද්ගලයා විදේශ රැකියා නියෝජිත ආයතනයක උප නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඊයේ (19) ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සමග සබඳතා පවත්වා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.