නාගවිල, ආඩිගම ප්‍රදේශයේ නිවසක දී පුද්ගලයෙකුගේ ගෙලට යකඩ කම්බියකින් ඇන ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (20) සවස අදාළ ඝාතනය සිදුව ඇති බවය.
මියගොස් ඇති පුද්ගලයා 36 හැවිරිදි ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තවත් පිරිසක් සමග සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටිය දී ඇති කරගත් ආරවුලක් දුරගිය යෑමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදුකර ඇත.
සිද්ධිය වූ වහාම පැමිණ සිටි පිරිස පළාගොස් ඇති බවට සිදුකළ මුලික පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී පහරදීමට යොදාගත් බවට සැකකෙරෙන කම්බියක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.