ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් දැඩි තීන්දුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණි.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගත් බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු මහින්ද අමරවීර මහතා ඉවත් කර ඒ වෙනුවට තිලංග සුමතිපාල මහතා පත්කර ඇති අතර නව භාණ්ඩාගාරික ලෙස සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published.