තරග පාවාදීමේ චෝදනාව ගැන ICCයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අද (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ එම චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ “දුෂණ විරෝධී ඒකකයේ” සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ට දැනුම්දීමට ය. 
 
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ චෝදනාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි පාර්ශවයන්ගේ කීර්තියට දැඩි හානියක් සිදුවූ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published.