ජොන්ස්ටන් ට එරෙහි නඩුව ට නියමයක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියම කළේය.

මෙම නඩුව අද (25) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

2012 වසරවලදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙක් වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.
 

Leave a Reply

Your email address will not be published.