වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.

ඒ අනුව එම රෝහල තුළ අවයව බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර අද (25) එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතය.

ඒ අනුව, වකුගඩු ලබාදුන් පිරිසක් අද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරුණි.

මේ අතර වකුගඩු ජාවාරමට සහාය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වංචා විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සිටි එම පොලිස් නිලධාරියා, අනාවරණය කිරීම ආරම්භ කළ දින සිට ලෙඩ නිවාඩු දමා සේවයට පැමිණ නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිලධාරියාට මීට පෙරද විවිධ විෂමාචාර චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ඔහු වංචා විමර්ශන කොට්ඨාසයේ රාජකාරීවලින් ඉවත් කිරීමට ද ක්‍රියා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.