රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

ලබන වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම ක්‍රමවේදය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය.

ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බව ද  පැවසීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් කියා සිටියේය.

මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ලකුණු කැපෙන හැටි,

*මාර්ග අනතුරකින් පසුව වාහනය නතර නොකර පළා ගියොත් ලකුණු 10ක් කැපේ.

*පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක් කැපේ. 

*මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක් කැපේ.

Leave a Reply

Your email address will not be published.