අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට

අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් අද (29) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

“මේන් ෂෙෆ් ෆයිව්” නම් එම නෞකාව ප්‍රථම වතාවට මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අද පෙරවරු 06ට පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත නෞකාව වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම්ලෑමට නියමිත බව වාර්තා වේ.

නෞකාව එහි විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුම් ලෑමට නොහැකි බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීයන් බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published.