කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු රටින් පළා ගොස් සිටි මෝටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ දී බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය.
අනතුරින් පසු මෝටර් රථය පැදවු රියදුරු රටින් පළාගොස් ඇතැයි තොරතුරු වාර්තා වුණි.
කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් එම ස්ථානයේ දී අමානුෂික පහරදීමක් සිදුකර තිබුණි.
අදාළ පහරකෑමට ලක්වු කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව පහරදීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය ඉරිදා දින අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වැල්ලවත්ත සහ එල්ලක්කල ප්‍රදේශවල පදිංචි සනීපාරක්ෂක සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.