කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක සිදුකළ වෙඩි තැබීමකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
පසුව පොලීසිය වෙඩික්කරුට ද වෙඩි තබා ඇති අතර ඔහු එහිදී මරණයට පත්වී තිබුණි.
වොන් හි සිදුකර ඇති එම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව එරට මාධ්‍ය පවසයි.
තුවක්කුකරු එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබූ අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.