විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල ට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

භූගෝලීය වශයෙන් දෙවන විශාලතම දිස්ත්‍රික්කය වන්නේ ද මොනරාගල දිස්ත්‍රික්කයයි.

එසේ වුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු කාර්යාලයක් හෝ පුහුණු මධ්‍යස්ථානයක් එම දිස්ත්‍රික්කයේ නොමැත.

ඒ අනුව දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල – බිබිල මාර්ගයේ පුහුණු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමට නියමිතය.

මෙම තීරණය අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව හිමිවේ.

කම්කරු අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published.