ශ්‍රී ලංකා පොලීසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප් රථ 125ක් ලබාදීම අද (22) සිදුවිය.
ඉන්දීය ණය ආධාර යටතේ මෙම ජීප් රථ ලබාදීම සිදුවෙයි.
එම උත්සවය පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංඛේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබාදීම සිදුවිය.
ඇතැම් පොලිස් ස්ථානවල රාජකාරී කිරීම සඳහා වාහන නොමැති තත්ත්වයක් තුළ එයට විසඳුමක් ලෙස මෙම නව ජීප් රථ 500 ලබා ගැනීමට හැකිවීම වඩාත් ශක්තියක් බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.