බිල් නොගෙවූ 2000කට නඩු

ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය.

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට දේශපාලනයට සම්බන්ධ පිරිස්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන ආගමික ස්ථාන හා විවිධ පුද්ගලයෝ ඇතුළත් වෙති.

ලක්ෂ පහ හය වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ද මේ පිරිස අතර වෙතියි මණ්ඩලය සඳහන් කරයි.

මේ අයගේ ජල සැපයුම් දැනටමත් විසන්ධි කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published.