ඕමානයේ මිනිස් ජාවාරම ගැන තවත් තොරතුරු

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳීසිටින කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳ ඉදිරි පියවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිත බවද කාර්යාංශය දැනුම්දෙයි.

විමර්ශන අනුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම සිදුකර ඇති පුද්ගලයින්ට හා මිනිස් වෙළෙඳාමට සම්බන්ධ පාර්ශ්වයන්ට විරුද්ධව ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවද ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විමර්ශන නිලධාරීන් විසින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ අනුව ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් ද බොහෝ දුරට හඳුනගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published.