කළුතර මූල්‍ය වංචාව ගැන වාර්තාවක් කැඳවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙන ඇති පියවර පිළිබඳව වහාම  වාර්තාවක් ලබා දෙන්නැයි නගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.

ණය ලාභීන්ගේ ණය වාරික වලින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීම පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ගණකාධිකාරිනිය සහ විගණන නිලධාරි ඇතුළු නව දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. 

නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීගේ අත්සනින් යුතු ව අදාළ නිලධාරීන්ට වැඩ තහනම් කිරීමේ ලිපි නිකුත් කර ඇති අතර නිවාස අධිකාරියට අදාල කිසිදු ආයතනයකට ඇතුළු වීමට ද තහනම් කර ඇත. 

අදාළ මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ 2018 සහ 2022 වසරේ මුල් කාර්තුවෙි දී බවත් සිද්ධියට අදාල ලිපි ලේඛණ කොටසක් ගිනි තබා විනාශ කර ඇතැයි ද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් වගකිව යුතු නිලධාරියකු කිසිදු විමර්ශනයක් හෝ සොයා බැලීමක් කර නැතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.