‘ඩුබායි සුද්දා’ අධිකරණයට

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැගෙන ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුව අදාල පුද්ගලයා එම කාර්යංශයට අද (28) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  

Leave a Reply

Your email address will not be published.