යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර සඳහා ඩොලර් මගින් ගෙවීම් පහසුකම් ආරම්භ කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඩොලර් ඉපැයීම අරමුණු කර ගනිමින් එම පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව අදාළ වැඩපිළිවෙල මෙම මාසය තුළ ආරම්භ කිරීමට නියමිත අතර පළමු අදියර ලෙස යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන විදේශිකයින්ට ප්‍රවේශ පත්‍ර සඳහා ඩොලර් මගින් ගෙවීම් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය ප්‍රකාශ කර තිබේ.