ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ

කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති බව පැවසෙන ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවය.

මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක්ම රජයෙන් ඉල්ලීම් සිදුකර තිබුණි.

ඊයේ අදාළ ස්ථානය නිරීක්ෂණයට ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කරන ලෙස එහි නිර්මාතෘ ජානක සේනාධිපති නැමැත්තාට උපදෙස් ලබාදී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.