තායිලන්තය කොවිඩ් රීති දැඩි කරයි

විදෙස් සංචාරකයින් සඳහා කොවිඩ් රීති දැඩි කිරීමට තායිලන්තය පියවර ගෙන තිබේ.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ චීන ජාතිකයින්ට විදෙස් රටවල සංචාරය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි.

චීනය තවමත් කොවිඩ් හේතුවෙන් බැටකයි.

තායිලන්තය අද (09) සිට හඳුන්වා දී ඇති නව රීති අනුව විදෙස් සංචාරකයින් එරටට පැමිණීමට පෙර ඔවුන් කොවිඩ් එන්නත ලබාගෙන තිබේද නැත්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ යුතුය.

එම රීතිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉවත් කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගත් අතර නමුත් චීන ජාතිකයින් හරහා නැවතත් කොවිඩ් වසංගතය තම රටට ඒම වැලැක්වීම සඳහා නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.