ශ්‍රී ලංකා ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අසතුටුදායක හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.

ඒ බව සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද “Global Economic Prospects 2023” නම් වාර්තාවෙහි ය.  

දරිද්‍රතාවය හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායි ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව එහි දැක්වෙයි.

එම වාර්තාවෙහි දැක්වෙන්නේ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 9.2%කින් පමණ පහළ යා හැකි බවය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගලාඒම දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා පැමිණුනු බවත් බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත් එහි දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.