වෙළෙඳ ගිණුමේ හිඟය පහළට

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම ඊට ප්‍රධාන හේතුව වී තිබේ. 

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,211ක් ලෙස සඳහන්ව තිබූ අතර එය මෙම වසරේ නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 994ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්ය.

එමෙන්ම 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය වසරේ නොවැම්බර් මස වෙළෙඳ භාණ්ඩ ආනයනය ද සියයට 18.1කින් පහළ ගොස් තිබේ.

2021 වසරේ නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන විදයම ඩොලර් මිලියන 1,765ක් ලෙස සඳහන් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලයේ ඩොලර් මිලියන 1,445ක් ලෙස සඳහන්ව තිබේ.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් ඩොලර් මිලියන 355ක් ලැබී තිබූ අතර එය නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 384ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.