ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලොකු පුටුවක් වෙනස් වෙයි ?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) සිදුකර තිබුණි.

මෙහිදී සභාපති ධුරයට කෞශල්‍ය නවරත්න මහතා නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා නාම යෝජනා භාරදීම සිදු කර තිබේ.

අද දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.