ලබන වසරේ එල්පීඑල් තරඟාවලියට අමාත්‍යාංශ අනුමැතිය අනිවාර්යයි

එල්පීඑල් තරඟාවලි ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ එල්පීඑල් ගිවිසුම අලුත් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වා දීමේ වැඩ සටහනකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

‘එල්පීඑල් ගිවිසුම අපේ අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය ඇතිව නෙමෙයි මෙතෙක් කල් පවත්වලා තියෙන්නේ. ළඟදි තිබුණු තරඟාවලිය ආයෝජකයකු විසින් සිදු කළ නිසා එය කඩාකප්පල් කළ නොහැකි නිසා ඒ විදිහටම තරග කරන්න අවස්ථාව දුන්නා. ඒත් ලබන වසරේ එල්පීඑල් තරඟාවලිය පැවැත්වීමට පෙර එම ගිවිසුම අලුත් විය යුතු වන අතරම ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමේ දී අනිවාර්යයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතුයි.

දැනට මේ තරගාවලියට සහභාගි වන්නේ කණ්ඩායම් පහක් පමණයි. පළාතට එක බැගින් පළාත් 9ට කණ්ඩායම් 9ක් තිබිය යුතුයි. මුලින්ම පළාතෙන් දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක්වත් බිහිවිය යුතු යැයිද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.