තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට අදාළව විශේෂ නිවේදනයක්

සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් 20,21,22 හා 23 යන  දිනයන්හිදී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙස මැතිවරණ කොමිසම සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ  නිලධාරීන් වෙත දන්වා සිටී. 

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තැපෑලේදී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් යෙදී තිබීම හේතුවෙන් නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් මෙම  දැනුම්දීම සිදුකරන බවයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදා  මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. 

Leave a Reply

Your email address will not be published.