වැරදි කළ ඒජන්සිකරුවෝ කෝටි 4ක් ගෙවති

විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සිවලින් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් (38,087,000) පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇතැයි එම කාර්යංශය පවසයි.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා නොදීම, විදේශ  ගතවූ පසු නියමිත පරිදි රැකියා නොදීම  හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී  කරුණු පදනම් කරගෙන ලැබුණු පැමිණිලි විභාගකිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝග මත මෙම මුදල් පැමිණිලි කරුවන්ට ගෙවා ඇති බවත් මෙම මුදල 2022 වසරේ ජනවාරි 1 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ පමණක් විභාග කළ පැමිණිලිවලට අදාලව වන බවත් විදේහ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මුදල් ප්‍රමාණයක් වන බව කී එම කාර්යංශය 2021 වසරේ මෙලෙස අයකර ගෙන ඇත්තේ රුපියල් 8,945,900 ක් පමණක් බව ද සඟන් කළේය. 

Leave a Reply

Your email address will not be published.