බාස්මතී කියා සුදු කැකුළු වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක්

පාකිස්තානයෙන් මෙරටට ආනයනය කරන ලද සුදු කැකුළු සහල්වල නාමය බාස්මති සහල් ලෙස වෙනස් කර වැඩි මිලට අලෙවි කරන කූට ව්‍යාපාරයක තොරතුරු අනාවරණ වී ඇත.

අද අනාවරණය ඒ පිළිබඳවය.

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ සහල් ඇසුරුම්කරන ස්ථානයක පාකිස්තානයෙන් ආනයනය කරන ලද සුදු කැකුළු සහල් එම ඇසුරුම්වලින් ඉවතට ගෙන වෙනත් ඇසුරුම්වලට දමන බවට තොරතුරු ලැබී ඇත.

පාකිස්තානයෙන් ආනයනය කරන ලද බවට සඳහන් සුදු පැහැති උරවල ඇති සුදු කැකුළු සහල් බාස්මතී සහල් ලෙස සඳහන් කහ පැහැති උරවලට දමන ආකාරය දැකගත හැකිවී ඇත.

එම සහල් ද බාස්මතී සහල්වල හැඩයට සමාන හැඩයකින් යුක්තය

එහිදී කිලෝ 50 සහල් උරවල ඇති සුදු කැකුළු සහල් දමනු ලැබුවේ කිලෝ 25 හේ බාස්මතී ලෙස සඳහන් උරවලට වීම විශේෂත්වයකි.

පසුව ඒවා වෙළෙඳපොළට බාස්මතී සහල් ලෙස අලෙවිය සඳහා යොමුකරන අනාවරණ වී ඇත.

Leave a Reply

Your email address will not be published.