යාපනයේ කල්ලි දෙකක් අතර ගැටුම්

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී අද (24) දහවල් වාහන දෙකක් එකිනෙක හප්පා ගනිමින් සිදුකරගත් ගැටුමකින් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසයි.

කල්ලි දෙකක් අතර වු ගැටුමක් මත එම කල්ලි සාමාජිකයින් ගමන්ගත් කැබ් රථය හා මෝටර් රථය එකිනෙක හප්පාගෙන ඇති අතර, ඉන් අනතුරුව දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුව තිබේ.

යාපනය, චුන්නාකම් පොලීසිය පැවසූවේ, වාහන දෙකක් අනතුරට ලක්වීමෙන් අනතුරුව දෙපිරිසක් එකිනෙකාට පහරදීමෙන් පුද්ගලයින් හයදෙනෙක් තුවාල ලබා ඇති බවය.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, අනතුරින් වාහන දෙකට බරපතළ හානි සිදුව තිබේ.

මීට පෙරද අවස්ථා ගණනාවක දී යාපනය ප්‍රදේශයේ දී මෙම කල්ලි දෙක අතර විවිධ ගැටුම් හටගෙන තිබු අතර, එහිදි පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබුණි.

Leave a Reply

Your email address will not be published.