2025 වසරේ දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇති බව අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙක් වන ජෙනරාල් මයික් මිනිහන් පුරෝකතනය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ තායිවානය මුල්කරගෙන එම යුද්ධය හටගනු ඇති බවය.
2024 තායිවාන හා අමෙරිකානු ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව යුද්ධයක් සඳහා චීනයට නිමිත්තක් සැකසෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ජෙනරාල් මිනිහන්ගේ මතය, අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මතය නොවන බව පවසමින් එය බැහැරකිරීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් ලබන සතියේදී චිනයේ සංචාරය කිරීමට නියමිත අතර ඔහු ජෝ බයිඩ්න් පරිපාලන යටතේ චීනයට පැමිණෙන පළමු නියෝජිතයා ය.