ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා  අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසය. 

මේ වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

රජයේ ආදායම්, සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමගින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා, සුබසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙසත් ඒවායෙහි වියදම් සඳහා පෞද්ගලිකව වගකීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.