පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ?

ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04) සොයාගෙන තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට එම කාන්තාවගේ දියණිය විසින් සූරියවැව පොලීසිය වෙත පසුගිය 03 වැනිදා සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකළ බව පොලීසිය පැවසීය.

ඒ අනුව, ලැබුණු තොරතුරක් මත අදාළ කාන්තාවගේ මළසිරුර ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගය ප්‍රදේශයේ තිබී ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මියගිය කාන්තාවගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත් එහි හිමිකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔවුන් පසුව පළාගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

පසුව ඔවුන් සොයා හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහ සූරියවැව පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.