බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු පැමිණෙන මාර්යෙහි උන්වහන්සේ වැඩ විසූහ.

එහිදී පොලීසිය මැදිහත්ව කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද (08) පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි.

ඒ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගය.

Leave a Reply

Your email address will not be published.