යාපනයේදී සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“75 වන නිදහස් සැමරුම යාපනයෙත් සමරන්න අපි තීරණය කළා. ඒ වැඩසටහන මේ සංස්කෘතිය මධ්‍යස්ථානයෙන් ආරම්භ කරනවා. මෙය අපිට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබාදුන්න තෑග්ගක්. අපේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවෙන්න ඉන්දියාව දුන් සහයෝගයත් අපි අගය කරනවා. අපේ රටවල් දෙක එක කාසියක දෙපැත්ත වගේ.”
“අපි දැන් අලුත් ගමනක් යන්න ඕනේ. එකතු වෙලා යන්න ඕනේ. එකතු වෙන්න නම් සංස්කෘතිය වැදගත්. අපි අලුත් කලාවක් ඇති කරලා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ.”
“ගාලු සාහිත්‍ය උළෙල වගේ යාපනයේ සාහිත්‍ය උළෙලකුත් අපි සංවිධානය කරනවා.”