පොලිස් අශ්වයන්ටත් ගමේ කෑම

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන්  පොලිස් අශ්වයන්ට  රට කෑම  ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ  වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි.

අශ්වයන්ට දේශීය ආහාර වර්ග ලබාදීමට  කළ පරීක්ෂණ ඉතා සාර්ථකවී ඇත.

මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ  දැනට සිටින්නේ අශ්වයන් 36 දෙනෙකු පමණක් හෙයින්  පොලිසියේ රාජකාරි  කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවන බව එහි නිලධාරීහු පෙන්වා දෙති.

පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්තය.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ  අශ්වයන් කිහිප දෙනකු වයස්ගත  සහ  අසනීප තත්වයේ පසුවන  අතර   වයස්ගත අශ්වයෙක්  පසුගිය මාසයේදී මියගියේය.

මේ අතර අශ්වයන් සඳහා  රටින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.