තවත් හඳුනානොගත් වස්තුවක් ඇමරිකාව බිම හෙළයි

කැනඩාවට ඉහළින් පියාසර කරමින් පැවති තවත් හඳුනානොගත් වස්තුවක් වෙඩි තබා බිම හෙළීමට අමෙරිකාව කටයුතු කර තිබේ.
  
කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ, අමෙරිකාව සමග දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අදාළ වස්තුව බිම හෙළූ බවය.

අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන මෙසේ බිම හෙලා ඇත්තේ සිලින්ඩරාකාර, කුඩා හඳුනානොගත් වස්තුවකි.

වෙඩි තබා බිම හෙලන විට අදාළ වස්තුව මුහුදු මට්ටමේ සිට අඩි 40,000ක් උසින් පියාසර කරමින් සිට තිබේ.

ගෙවුණු සතිය තුළ උතුරු අමෙරිකානු කලාපයට ඉහළින් පියාසර කරමින් තිබියදී වෙඩි තබා බිම හෙළූ තෙවැනි හඳුනානොගත් වස්තුව මෙය වේ.

මීට පෙර චීනයට අයත් බැලූනයක් බිම හෙළීමට අමෙරිකානු හමුදා කටයුතු කළ අතර, ඉන් පසුව ඇලස්කාවට ඉහළින් පාවෙමින් පැවති තවත් වස්තුවක් වෙඩි තබා බිම හෙළනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.