2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසය.
එමෙන්ම තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යංශය දැනුම්දී තිබේ.