මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉවතට

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස මහතා ව එම තනතුරට පත්කර ඇත.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(3) (අ) ( i) වගන්තියේ ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් එම ගැසට් නිවේනය නිකුත් කර තිබේ. 

Leave a Reply

Your email address will not be published.