පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් – ලාල්කාන්ත

පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළකළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයක් පවත්වා පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බවය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා,

“ආණ්ඩුවට දිගටම ඕනෑකම තිබ්බා මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ පළාත් පාලන ඡන්ද මහමැතිවරණ තියන්න නෙමෙයි. ජනාධිපතිවරණයක් තියන්න. අපේ ව්‍යවස්ථාවට අනුව මේ එළැඹෙන නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ. නමුත් පළවෙනි වරට ජනාධිපති වෙන කෙනෙකුට පුළුවන් දෙවෙනි පාරටත් එයාම ඡන්දය ඉල්ලනවානම් අපේක්ෂකයා විදියට අවුරුදු 4න් පස්සේ ඡන්දය තියන්න පුළුවන්. 5ක් යන්න ඕනේ නෑ.” 

Leave a Reply

Your email address will not be published.