ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක්

විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු බවට චෝදනා කරමින් සිසුන් 57 දෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

එහිදී විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් ඉසුරුපාය තුළ විරෝධතාවයේ යෙදෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කළේය.

එහිදී පහරදීමක්ද සිදුවූ බවට චෝදනා එල්ලවිය.
 
මේ අතර එම සිදුවීම වීඩියෝගත කළ ගුරු මාරු මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුටද පොලිස් නිලධාරීන් පහරදී අත්අඩංගුවට ගත් බවට චෝදනා එල්ලවු අතර, පසුව ඔවුන් දෙදෙනා නිදහස් කර තිබුණි.

මේ අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක් අද (24) දහවල් පැවැත්වුණි.

එම විරෝධතාවයට එක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඔවුන් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published.