දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී

ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇල්පිටිය ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පැවැත ඇතැයිද සදහන් වේ.

2023.02.26 දින පස්වරුවේ අවුරුදු 9 ක් වයසැති පුතා සහ අවුරුදු 1 යි මාස 6 ක් වයසැති ගැහැණු දියණිය දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාලමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය කීය.

ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැදී සිටී තරුණයකු විසින් බේරාගෙන ඇතැයි සදහන් වේ .

මෙම කාන්තාව දැනට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. වැඩිමල් දරුවාට අවුරුදු එක හමාරක දරුවා බලා ගන්නැයි  කියා එකවරම ගඟට පැන ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි. 

දරු දෙදෙනා මේ වන විට අලුත්ගම පොලිසිය රැගෙනවිත් ඇති අතර ඔවුනට අවශ්‍ය ආහාර පානාදියද පොලිසිය ලබා දී ඇත.

අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති

Leave a Reply

Your email address will not be published.