මැතිවරණය පැවැත්වෙන දිනය අද කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද (03) ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.

මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කෙරුණි.

අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පවතින තත්ත්වය පිළිබඳ සමාලෝචනයන් සිදුකර ඇත.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ රටේ පවතින මූල්‍ය තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයන්ට පැමිණීමෙන් අනතුරුව එම කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවය.

අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සාකච්ඡා කිරිමට නියමිත අතර දහවල් වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයට එරෙහිව කාරක සංඝ සභාවල මූලිකත්වයෙන් දැඩි පියවර ගත යුතු බව සඳහන් කරමින් ජාතික භික්ෂු පෙරමුණ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත සංදේශයක්ද භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published.