බස් අනතුරකින් 23කට තුවාල

කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල ගණේතැන්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

අද (07) දහවල් සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මීගමුවේ සිට මහනුවර බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථයකි.

Leave a Reply

Your email address will not be published.