2023 මාර්තු 25 සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක් පනවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙරවරු 11.00 සිට රාත්‍රී 09.00 දක්වා ජල සැපයුමට බාධා එල්ල වේ.
හෙට දිනයේ පැය 10ක ජල කප්පාදුවකින් පහත ප්‍රදේශ වලට බලපෑම් එල්ල වනු ඇත.
• කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ
• මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ
•කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
• රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශ