තොරතුරු පනත යටතේ විදුලි,වරාය,තෙල් සේවකයින්ගේ සැබෑ වැටුප් හා දීමනා තොරතුරු ඉල්ලයි

වැටුප් පිළිබද ගැටලු මතු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදෙන වරාය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල සේවය කරන සියලු සේවකයන්ගේ සැබෑ තත්ත්වය අනාවරණ කීරීම සඳහා ඔවුන්ගේ වැටුප් පිළිබඳ සවිස්තර වාර්තාවක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිමින් ලිපියක් සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් එම ආයතන වෙත අද(31) දින පෙරවරුවේ භාරදෙන ලදි.


එහිදී එම සංවිධානය පවසා සිටියේ මෙම ආයතන තුල සිටින සේවකයන් සාමාන්‍ය ජනතාවට වඩා විශාල වැටුපක් ලබාගනිමින් විශේෂ වරප්‍රසාද භුක්ති විඳින බවත්, එම වැටුප් හා වරප්‍රසාද ලබමින් තවදුරටත් මහජනතාව අපහසුතාවයට ලක්වන අයුරින් වෘත්තීය ගැටළු පසෙකලා තම දේශපාලන අභිමථාර්ත සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග අත්තනෝමතික ලෙස ගනිමින් සිටින බවයි.


එබැවින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විදුලි,වරාය,ඛණිජ තෙල් යන ආයතන වලට අයත් සියළු සේවකයන්ගේ වැටුප් හා දීමනා පිළිබඳ වාර්තාවක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගෙන වෘත්තීය සමිති නායකයන් අත්තනෝමතිකව සිය දේශපාලන වාසි තකා ගනු ලබන ක්‍රියාමාර්ග වල සැබෑ තත්වය මහජනතාව වෙත ඉදිරියේදි හෙළි කරන බව සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානයේ නියෝජිතයින් පවසා සිටියහ.

Leave a Reply

Your email address will not be published.