දුම්රියක් පීලි පැනීමෙන් 17ක් රෝහලේ

ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 4790 දරණ මිශ්‍ර දුම්රිය පීලි පැනීමට ලක්ව වීමෙන් පිරිසක් තුවාල ලබයි.

මෙම දුම්රිය අද (07) දින දහවල් ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර ,අග්බෝපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමකට ලක්ව ඇත.

පාර්සල් ප්‍රවාහනය කරන මැදිරියක් හා තවත් එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, නියාමක තිරිංග මැදිරිය මෙම පීලී පැනීම හරහා පෙරලී ඇත.

එම දුම්රියේ ප්‍රධාන නියාමක හා උප නියාමක ඇතුලු කිහිප දෙනෙකු තුවාල ලබා මේ වන විට රෝහල් වෙත ඇතුලත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published.