බෑනාගේ පහරින් නැන්දණිය මරුට

පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ සැමියා සහ බෑනා සමග ඇතිවූ ආරවුලකට මැදිවූ අදාළ කාන්තාවට බෑනා විසින් එලෙස පහර දී ඇති බවය.

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

එම කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.