රාමසාන් සැමරුමට ඇත්තේ තවත් දින 11 ක් වැනි කාලයකි.
මේ අනුව උපවාස කාලය අවසන් කර පැවැත්වෙන ඉෆ්තාර් අවස්ථාව දිවනේ විවිධ ප්‍රදේශ වල සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ පසුගිය වසරේ අරගල භූමියේ පැවති ඉෆ්තාර් අවස්ථාව සමඟිනි.
මෙවරද ගාලුමුවදොර දී එවැනිම ඉෆ්තාර් අවස්ථාවක් සංවිධානය කර තිබුණි.
ඊයේ පස්වරුවේ පැවති මෙම අවස්ථාවට මුස්ලිම් ජාතිකයන් මෙන්ම අනෙකුත් ජාතිකයින් 1300ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ