ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්තානයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව

පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ සහ අර්ධ මූල්‍ය ආධාර ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කරයි.

මෙම ශිෂ්‍යත්ව ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය’ යටතේ ලබාදෙයි.

ශ්‍රී ලාංකික සහ පාකිස්ථාන සිසුන් අතර ඵලදායී දැනුම හුවමාරු කර ගැනීම සහ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කරයි.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, ව්‍යාපාර අධ්‍යාපනය, පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ වැඩසටහන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි.

උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට ඔවුන්ගේ අයදුම්පත් 2023 අප්‍රේල් 25 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.